QR ගැටලු අද උදෑසන වන විට යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති

අද (17) උදෑසන වන විට ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු මඟහැරී, ජනතාවට පහසුවෙන් සේවාව ලබාගත හැකි වනු ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

මීට පෙර පද්ධතියේ පැවති ගැටලු වන වාහන අයිතිය වෙනස්වීම සහ ජංගම දුරකථන අංක පිළිබඳ ගැටලුවලට මේ වන විට පිළියම් යොදා ඇති බවත්, පද්ධතියෙන් වාහන ඉවත් කිරීමේ පහසුකම ද විධිමත් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා QR කේතය හරහා ඉන්ධන ලබාදීමේ වැඩසටහන සති අන්තයක සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්.

 news images news images