බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ කතානායකට

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව, ලබන 18 වනදා කතානායකවරයා වෙත භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ අමාත්‍යවරයාට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බවයි.

ඊයේ (12) හිරු ‘බලය’ වැඩසටහනට සභභාගීවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසි‍රිද පවසා සිටියේ විශ්වාසභංග යෝජනාව ලබන 18 වැනිදා ලබාදෙන බවයි.