චීනය ස්වයං ලෙස සංවර්ධනය කළ ඝණ මීටර් එක්ලක්ෂ අසූදහසක ප්‍රමාණයක ස්වාභාවික ද්‍රව වායු (LNG) ප්‍රවාහනය කළ හැකි ප්‍රථම නෞකාව වන Celsius Georgetown නෞකාව භාරදීම සිදු කෙරේ.
චීන Merchants සමූහයට අයත් Jiangsu පළාත් සමාගම විසින් සංවර්ධනය කරන ලද එම නෞකාව ඊයේ(26) පෙරවරුවේ එහි වරායක සිට සිංගප්පූරුව බලා පිටත් ව ගියේය.
මීටර් 298.8ක දිගින් හා මීටර් 48ක පළලින් යුත් Celsius Georgetown නෞකාව මෙතෙක් චීනය සංවර්ධනය කර ඇති විශාලතම ප්‍රමාණයෙන් යුත් ස්වාභාවික ද්‍රව වායු ප්‍රවාහන නෞකාවයි. නෞකා තැනීමේ ව්‍යවසාය පිරිසිදු බලශක්තිය හා සම්බන්ධ විශාල පරිමාවේ නෞකා තැනීමේ ක්ෂේත්‍රය තුළින් සංධිස්ථානාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීමක් ඉන් සනිටුහන් කෙරේ.
ස්වාභාවික ද්‍රව වායු ප්‍රවාහන නෞකා, −163°Cක පමණ උෂ්ණත්වයෙන් යුතු ස්වාභාවික ද්‍රව වායු ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළ හැකිය. එහි නිර්මාණ හා තැනීමේ ශිල්පය අතිශය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ලොව පුරා එය ඉදි කිරීමේ හැකියාවෙන් යුතු කර්මාන්ත ශාලා ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ඇත.








