ජාත්‍යන්තර “සාම පා ගමන” (Walk for Peace Program in Sri Lanka) වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(28) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත් වේ.
දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර “සාම පා ගමන” (Walk for Peace Program in Sri Lanka) පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.
හෙට දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ වෙත උතුම් ධාතුන් වහන්සේලා සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය පූජා කිරීමට නියමිතය.








