තරුණයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවන අයුරින් අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදියක් ධාවනය කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය.
මෙම වීඩියෝවට අදාලව සිදුකළ විමර්ශනයේදී එම යතුරුපැදිය ආණමඩුව නවගත්තේගම මාර්ගයේ ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවට අනාවරණය වී ඇත.
ඊයේ (08) සවස් කාලයේ නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම යතුරුපැදිය ධාවනය කළ පැදිකරු අපරීක්ෂාකාරි ලෙස හා අන්තරාදායක ලෙස යතුරුපැදිය ධාවනය කර මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට හා යතුරුපැදිකරුවන්ට අනතුරක් සිදුකර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම යන චෝදනා යටතේ අදාල යතුරුපැදියද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 19 ක් වන නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු 2026.03.09 අද දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර නවගත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.







