T20 ලෝක කුසලානය ඉන්දියාවට

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (08) සමත් වුණා.

ඒ ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 96 ක ජයක් වාර්තා කරමින්

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 255 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Sanju Samson ලකුණු 89 ක්, Abhishek Sharma ලකුණු 52 ක් හා Ishan Kishan ලකණු 54 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් James Neesham කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19 ක් අවසනයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 159 ක් පමණයි.

පන්දුවට පහර‍දීමේදී Tim Seifert ලකුණු 32 ක් හා Mitchell Santner ලකුණු 43 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Axar Patel කඩුලු 3 ක් හා Jasprit Bumrah කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.