ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
ලන්ඩන් නුවර මහ කොමසාරිස් සරෝ පෙරේරා මහත්මිය ඇතුළු 13 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. චින්තක කීර්ති රංග යන අයගේ ප්‍රකාශවලට අනුව ජනාධිපති ආර්යාවට ගෞරව උපාධියක් පිරිනැමීමේ අවස්ථාවකට සහභාගි වූ බවට ප්‍රකාශ කර තිබෙනවා. සාමාන්‍ය බැල්කනියේ වාඩි වී සිටි බවටත් වේදිකාවට ආරාධනා ලැබී නැති බවත් එම ප්‍රකාශයේ සඳහන් වෙනවා.
පොදු දේපොළ අවභාවිත කරමින් සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීමට ගිය ලන්ඩන් ගමන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ මාර්තු මස අවසන් වීමට පෙර නඩු පවරන බව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා හමුවේ ඊයේ (28) සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාට යෝජනා කළ බව ද දිලීප පීරිස් මහතා කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවයට යන අවස්ථාවේ ඔහු ඇතුළු 10 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් රජයේ මුදල් රුපියල් ලක්ෂ 166ක් ගෙවීම අනුමත කරමින් රජයේ මූල්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති ලේකම් ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර බණ්ඩාර ඒකනායක හෙවත් සමන් ඒකනායක යන අය අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන පෙබරවාරි මස 11 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙහි දී නියෝග කළේය.
“රජයේ ප්‍රධාන ගිණුම් නිලධාරියා ලෙස හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති ආකාරය සුපිළිපන්න බවක් දක්නට නැහැ. පරීක්ෂාකාරි බවකුත් තිබී නැහැ. එංගලන්තයේ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශ ලබාදී ඇති 16 දෙනාම එම සංචාරය පෞද්ගලික සංචාරයක් බවට සනාථ කර තිබීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
“අපි ගෙදර නැහැ හැංගිලා කියලා සමාජ මාධ්‍ය ජාලවල යනවා. අපිට කිසිම නොතීසියක් ලැබුණේ නෑ. එන්න කියපු හැම දවසකම අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස “ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී ඔහුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් පසුගිය 26 වැනිදා ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති බවත් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද ඔහු පලා ගොස් සිටි බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවය.
එසේම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළේය.
මෙහි ප්‍රශ්න ගත ලිපිය වන වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ ලිපිය සම්බන්ධයෙන් ඉදිරි දිනට පෙර විමර්ශන කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා එංගලන්තයට යාම අනවශ්‍ය බවත් විද්‍යුත් තැපෑල හරහා එම් එල් ඒ පනත යටතේ වහාම විමර්ශන කර ඉදිරි දින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
විමර්ශන අවසන් වූ වහාම අධි චෝදනා ගොනු කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එහි දී නඩුව සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් නඩුව කැඳවූ අවස්ථාවේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස අවසන් වීමට පෙර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා මෙම මුදල වැය කර ඇති බවත් ඒ සඳහා හිටපු ජනාධිපති ලේකම්වරයා ලිපිය පළමුව පෞද්ගලික සංචාරයක් පසුව සංචාරයක් සහ අවසානයේ නිල සංචාරයක් ලෙස වෙනස් කරමින් ආධාර අනුබලදී ඇතැයිද දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.
නිල සංචාරයක් බව කියමින් එංගලන්තයට ගිය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ලබා දුන් “වුල්ෆ් හැම්ටන්” පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය සම්බන්ධයෙන් ලද බව කියන ලිපිය සැක සහිත බවත් මාස තුනක් තුළ සිදු කළ විමර්ශනයට ප්‍රකාශ ලබා දීමට පැමිණි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන දෙදෙනාම එම ලිපිය සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ ලබා දී ඇති බැවින් පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කර ඇති සැකකාර හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේය.
ඇප ලබා දීමේදී සැලකිය යුතු සුවිශේෂි කරුණු කෙරෙහි පමණක් සලකා බලන්න. අදාළ සංචාරය පිළිබඳ ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ ලිපිය සලකා බැලීමේ දී එය පෞද්ගලික සංචාරයක් බවට පෙනී යනවා. හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රකාශ ලබා දෙමින් කියා තිබෙන්නේ එය සංචාරයක් බවයි. පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා කියා තිබෙන්නේ ගමන් ගැන නොදන්නා නමුත් එහි ගිය බවයි. අවස්ථා තුනක දී සංචාරයක් පෞද්ගලික සංචාරයක් සහ අවසන් වරට නිල සංචාරයක් බවට ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රකාශ මඟින් ඕනම තත්වයක් හමුවේ බේරී සිටීමට අවශ්‍ය ලෙස ලිපිය සකස් කර තිබෙනවා යැයි කී දිලීප පීරිස් මහතා ඔහු ඇප මත මුදා හැරීමට විරෝධය ප්‍රකාශ කරන බව අධිකරණය හමුවේ කියා සිටියේය.
අමෙරිකාව ඇතුළු රටවල් දෙකක නිල සංචාරයකින් පසුව එංගලන්තයේ “වුල්ෆ් හැම්ටන්” පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා
පැමිණිල්ල සහ විත්තිය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කළ සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු ජනාධිපති ලේකම්වරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේ දී දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේ කරුණු දැක්වීය.
ස්වාමීනී මම අද කරුණු දක්වන්නේ ප්රස්තුත විශේෂ කාරණා තුනක් යටතේයි. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන් ඇප නියෝගය නැවත සමාලෝචනය කර නිගමනයක් දෙන ලෙස ඉල්ලා සිටීම, අධිකරණ අවසරය මත නැවත වෛද්‍ය වාර්තා සමාලෝචනය කිරීම සහ පසුගිය 26 දින හිටපු ජනාධිපති ලේකම් ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර බණ්ඩාර ඒකනායක හෙවත් සමන් ඒකනායක යන අය සැකකරුවෙක් ලෙස ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් සම්බන්ධයෙනුයි.
වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු දක්වන අවස්ථාවේදී දිලීප පීරිස් මහතා විත්ති කූඩුව දෙස බලමින් කෝ සැකකරු යනුවෙන් ප්‍රශ්න කළේය. එම අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවේ ඇති බංකුව මත වාඩි වී සිටියේය.
ඒ බව අධිකරණයේ සිටි නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ දැනුම් දුන්නේය.
එහි දී විත්තිකරු විත්ති කූඩුවේ වාඩි වී සිටින බවට කළ දැනුම් දීමට අනුව වාඩිවීමට නම් අධිකරණයේ අවසරය ලබා ගත යුතු බව දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවවාද කරමින් දැනුම් දුන්නේ අධිකරණය දැනුවත් කර වාඩිවිය යුතු බවය. එහිදී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවේ සිටගත් අතර නැවත අසුන් ගනු ලැබුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේ අවසරය ලබා ගත් පසුවය.
දිලීප පීරිස් මහතා :
ලන්ඩන් නුවර මහකොමසාරිස් සරෝ පෙරේරා මහත්මිය ඇතුළු 13 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. චින්තක කීර්ති රංග යන අයගේ ප්‍රකාශවලට අනුව ජනාධිපති ආර්යාවට ගෞරව උපාධියක් පිරිනැමීමේ අවස්ථාවකට සහභාගී වූ බවට ප්‍රකාශ කර තිබෙනවා. සාමාන්‍ය බැල්කනියේ වාඩි වී සිටි බවටත් වේදිකාවට ආරාධනා ලැබී නැති බවත් එම ප්‍රකාශයේ සඳහන් වෙනවා. එමෙන්ම එම උත්සවය දින කිහිපයක් පුරා තිබූ බවත් මෙවැනි විශේෂ ගෞරව උපාධි රැසක් පිරිනැමූ බවත් එහි සඳහන් වෙනවා. එමෙන්ම පී. සෞම්යසිරි ප්‍රනාන්දු යන අයගේ ප්‍රකාශයට අනුව එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තට්ටු තුනක පිහිටි ගොඩනැඟිල්ලේ හීටර් කැඩී ඇති බවටත් ඒ සඳහා පවුම් 15,000ක් අවශ්‍ය වුවද ඒ මුදල් නොදී පෞද්ගලික සංචාරයකට මුදල් අනුමත කිරීමට අත්සන් කළේ හිතට එකඟ නොවන බවටත් ප්‍රකාශ කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා : පුද්ගලික සංචාරයකට අමතරව නිල සංචාරයක් තිබුණද?
දිලීප පීරිස් මහතා :
නැහැ ස්වාමීනී. සොමිසාර ඒකනායක අමෙරිකාවට යනවා. එංගලන්තයට එන්නේ නැහැ. ඔහු දන්නවා පුද්ගලික සංචාරයක් බවට. 2023.09.01 ඉදිරිපත් කළ ලිපියට අනුව පළමු සැකකරුට ලැබුණු නිල ආරාධනයක් බවයි පේන්නේ. ප්‍රකාශ ලබා දුන් එංගලන්තයේ සිටින එක සැකකරුවකුටවත් මේ ලේඛනය ලැබී නැහැ.
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා :
ඔහු සැඟවී නැහැ. මේ වනවිටත් ඔහු මෙම අධිකරණයේ සිටිනවා. එම ඉල්ලීම ඉවත් කරගත්තේ එදින ඔහු සැකකරුවෙක් ලෙස නම් කරන බවට කළ දැනුම් දීම නිසයි. ඔහු සිය දියණියගේ දරු ප්‍රසූතියට යාමටයි අවසර ඉල්ලුවේ. මගේ සේවාදායකයා අධිකරණය මඟ හැර නැහැ.
දිලීප පීරිස් මහතා :
සමන් ඒකනායක ලෙස ඔහු ලිපි ගණනාවක් හිටපු ජනාධිපති ලේකම් නමින් අත්සන් කර තිබෙනවා. එය ඔහුගේ නම නෙවෙයි. එයත් සොයා බලන්න ඕනේ.
මහේස්ත්‍රාත්වරයා :
මෙම නඩුවට එය අදාළ වන්නේ නැහැ.
දිලීප පීරිස් මහතා :
වුල්ෆ්හැම්ටන් කියන්නේ වෙනම ගමනාන්තයක්. ට්‍රාන්සිට් එකක් නෙවෙයි. මේක පුද්ගලික සංචාරයක්. පුද්ගලික කියන වචනය සමන් ඒකනායක කියන සැකකරු රවුම් කරනවා. ඊට පසු පුද්ගලික හැලිලා නිකම් විසිට් වෙනවා. අවසානයේ සමන් ඒකනායක කියන සැකකරු එය නිල සංචාරයක් බවට පත් කරනවා. ඊට වියදම් ලැයිස්තුව අමුණනවා.
මහේස්ත්‍රාත්වරයා :
එකම ගමනක් සම්බන්ධයෙන් පුද්ගලික, නිල සංචාර කියලා වර්ග දෙකක් තිබෙනවාද ?
දිලීප පීරිස් මහතා :
පුද්ගලික කියලා වියදම් ලැයිස්තුව දානවා. පවුම් 40,445ක්.
මහේස්ත්‍රාත්වරයා : මුලින් පුද්ගලික වී පසුව නිල වෙන්න හේතුවක් තිබෙනවාද?
දිලීප පීරිස් මහතා :
පුද්ගලික ලේකම්වරියගේ ස්ථාවරය තමයි පුද්ගලික සංචාරයක් කියලා උපදෙස් දුන් බව. පසුව පළමු සැකකරු එය නිල සංචාරයක් බවට දැනුම් දුන් බව. සොමිසාර රත්නායක නමැති දෙවැනි සැකකරු තමයි මේ කටයුතු සාධාරණීකරණය කරලා තිබෙන්නේ ස්වාමිනී, ලන්ඩන් නුවර හිටපු ජනාධිපතිවරයා කතාවක් කරාලු. මහකොමසාරිස් කාර්යාලයෙන් ගත් ප්‍රකාශවලට අනුව බැල්කනියේ වාඩි වෙලා ඉඳලා තියෙන්නේ.
මහේස්ත්‍රාත්වරයා :
කූට ලේඛන සඳහා චෝදනා ගොනු කරලද තියෙන්නේ?
දිලීප පීරිස් මහතා :
නැත ස්වාමීනී, මේ වනවිට ප්‍රකාශ 60කට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා. ගෞරව උපාධිය ගැන දන්නේ ශ්‍රී ලංකාවට ආවාම කියලා ප්‍රකාශවල සඳහන් වෙනවා. වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයට ගිහින් මහජන මුදල් අවභාවිත කිරීමක් කර තිබෙන්නේ. දෙවැනි සැකකරු තමයි ඊට ආධාර අනුබල දී තිබෙන්නේ.
මහේස්ත්‍රාත්වරයා :
නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත් වෙනවා. තවත් කෙටි ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ රාජ්යතාන්ත්රිකයෙක්ට විදේශ රටකට යනවිට ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන ක්‍රියාකලාපය කුමක්ද?
දිලීප පීරිස් මහතා :
ස්වාමීනී. විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සිදු කරන ක්‍රියාකලාපයන් තිබෙනවා. ඒ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දීලා රාජ්‍ය ආරක්ෂාව ඉල්ලනවා.
මහේස්ත්‍රාත්වරයා :
ශ්‍රී ලංකා රජයේ ආරක්ෂකයන් ලබා දෙනවාද? සංචාරය පුද්ගලික වුවත්, නිල වුවත්?
දිලීප පීරිස් මහතා :
ආරක්ෂකයන්, පුද්ගලික වෛද්‍යවරයා, පුද්ගලික ලේකම් පවා වැඩක් නොකළත් මේ ගමනට සහභාගි වී තිබෙනවා. ඔවුන්ට අදාළ ගෙවීම් සිදු කර තිබෙනවා. වෛද්‍යවරයාට නාවික හමුදාවෙන් ගෙවා තිබෙනවා.
පළමු සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.
මහේස්ත්‍රාත්වරයා :
එය නිල උත්සවයක්ද?
තිලක් මාරපන මහතා : නිල ආරාධනාවක් තිබුණා මේ සම්බන්ධයෙන් අපිට ලැබුණේ 1දා.
මහේස්ත්‍රාත්වරයා : එය නිල ආරාධනයක් බවට පිළිගන්න හැකිද?
තිලක් මාරපන මහතා : ස්වාමීනී, අපිට එහි රජය ආරක්ෂාව ලබා දුන්නා, නිල වාහන ලබා දුන්නා.
මහේස්ත්‍රාත්වරයා :
ලිපියේ සද්භාවය ගැන ප්‍රකාශය සටහන් ගෙන තිබෙනවාද?
දිලීප පීරිස් මහතා, මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බව දැන ගත්තේ රනිල් වික්‍රමසිංහ නමැති සැකකරු අත්අඩංගුවට ගත්ත දිනයේ. මේ ගැන ලේකම්, පුද්ගලික ලේකම්වත් දන්නේ නැහැ ඒ අවස්ථාවේ.
තිලක් මාරපන මහතා :
ජනාධිපතිවරයාට ලැබුණු ලිපිය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සොයන එක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. වුල්ෆ්හැම්ටන් ගියා නම් මේ ගැන සොයන්න තිබුණා. එම්.එල්.ඒ. එක යටතේ මේ ගැන විමසන්න තිබුණා. මේ කතා කරන්නේ මාධ්‍ය වාර්තාවලට.
මහේස්ත්‍රාත්වරයා :
විමර්ශන සඳහා තවත් නියෝග අවශ්‍යද?
දිලීප පීරිස් මහතා : දෙවැනි සැකකරුගේ ප්‍රකාශ සටහන් කරගත යුතුයි. එම ප්‍රකාශවලට අනුව දෙවැනි සැකකරුගේ ප්‍රකාශද සටහන් කරගැනීමට සිදු වේවි. මෙහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාද අදහස් දැක්වීය. අෙමරිකාවේ ජනාධිපති ගමන් කරන විට බ්ලැක්බොක්ස් එක අරං යනවා අවශ්‍ය වුවහොත් බොත්තම ඔබන්න. මේ ජනාධිපතිවරයකුට තිබෙන අයිතිවාසිකම් යැයි කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා :
මම කොටවන්නේ නැහැ. මගේ මවුපියන් මට කොටවන්න උගන්වලා නැහැ.
මහේස්ත්‍රාත්වරයා :
නීතිපතිවරයා හමුවීමට අයිතියක් තිබෙනවා. එය පිළිගන්නවා.
මෙහිදී දෙවැනි සැකකරු සමන් ඒකනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දැක්වීය.
සමාජ මාධ්‍යවල ගිය කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒවා ප්‍රතික්ෂේප කරනවා. අපිට කිසිම නොතීසියක් ලැබුණේ නැහැ. අපි දැනුම් දුන් සෑම අවස්ථාවකම ආවා. පැමිණ ප්‍රකාශ ලබා දුන්නා. පැනගියේ සැඟවුණේ නැහැ. කිසිම අවස්ථාවක විමර්ශන මඟහැර නැහැ. මෙහි කිසිම මානසික අංගයක් නැහැ.
මහේස්ත්‍රාත්වරයා :
මූල්‍ය ප්‍රධානියා ලෙස ලේඛන පරීක්ෂා කරලා නැහැ.
කාලිංග ඉන්දතිස්ස මහතා :
මම ලිපියක් නීතිපතිවරයා වෙත යොමු කළා. මම වංගු ගහන්න යන්නේ නැහැ. කනංකේ ධම්මදින්න හිමිට එරෙහිව නීතිපතිවරයා නඩු තීන්දු කිහිපයක් කියවයි.
කාලිංග ඉන්දතිස්ස මහතා: අනුබල දුන් බවට කිසිදු බී වාර්තාවක නැහැ. සුදුසු ඇපයක් මත මුදා හරින්න.
දිලීප පීරිස් මහතා :
පළමු සැකකරුට පැහැදිලිව සහය දක්වන ලද සැඟවී සිටි පළපුරුදු අපරාධකරුවෙක් දෙවැනි සැකකරු. 22 දිනට පසුව ඔහුගේ දුරකතන වැඩ නැහැ. එහා ගෙදර අයට පූසන්ට කෑම දාන්න කියලා හාල්මැස්සන් තම්බලා දීලා නිෙවසින් ගිහින්.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් අප්‍රේල් මස 29 දින අධිකරණයට වැඩිදුර වාර්තාවක් මඟින් දැනුම් දෙන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය.
සුභාෂිණී සේනානායක








