ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට ආර්ථිකය ස්ථාවරත්වයෙන් තිරසර වර්ධනයක් කරා ගෙන යෑම වෙනුවෙන් රුපියල් කෝටි 4,980ක (අමෙරිකානු ඩොලර් මිලියන 166 ක) ආයෝජන වැඩසටහනක් ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ වැඩසටහනෙන් කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමුකර ඇත. ඒ තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම අරමුණු කරන බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසයි. ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාරවලින් සියයට 75කට වඩා සහ රැකියාවලින් සියයට 45ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නියෝජනය කරයි. ණය සඳහා වන ප්‍රවේශය ඔවුන්ගේ ව්‍යාප්තියට සැලකිය යුතු බාධකයක් ලෙස පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව ලෝක බැංකු සමූහය සහ ප්‍රධාන ජාතික ප්‍රමුඛතා යන දෙකම සමඟ සමපාත වන මේ හවුල්කාරිත්වය මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු තුනක සහභාගිත්වය යටතේ මෙරට ව්‍යාපාරවලට අභියෝග ජය ගැනීමට උපකාර කිරීම, රටේ දිගුකාලීන ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාවට සහාය වීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්කගත විසඳුම් දීම අරමුණු කර තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ආසියාවේ සහ පැසිෆික් කලාපයේ මූල්‍ය ආයතන සමූහයේ IFC කලාපීය කර්මාන්ත අධ්යක්ෂ ඇලන් ෆෝලෙමු සඳහන් කර ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන බවත්, රැකියා නිර්මාණය සඳහා ඒවායේ වර්ධනය අත්‍යවශ්‍ය වන බවත්ය. අර්බුදකාරී කාලවලදී පෞද්ගලික ප්රාග්ධනය පසුබසින විට මැදිහත් වීමෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව තීරණාත්මක ප්‍රතිචක්‍රිය කාර්යභාරයක් ඉටු කරනු ලැබූ බවත් සඳහන් කර ඇති ඒ මහතා ඒ අනුව කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර, කුඩා වතු හිමියන් ගොවීන් සහ ප්‍රකෘතිමත් වීමට හේතු වන අංශ වෙත ප්රාග්ධනය යොමු කිරීමට මෙරට බැංකුවලට උපකාර කිරීමෙන් ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කිරීමට පමණක් නොව වැඩි ඔරොත්තු දීමේ හැකියාව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් දෙන බව ද පෙන්වා දී ඇත.






