ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමට රජය ගන්නා උත්සාහයට සහය ලබා දීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, NCG Express සමඟ එක්වී සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය වූ බස් ටිකට්පත් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දී ඇත. ඒ හරහා මගීන්ට බැංකු කාඩ්පත්වලින්, QR කේත මගින් මෙන් ම Contactless තාක්ෂණය භාවිතයෙන් බස් ගාස්තු ගෙවීම සිදු කිරීමට හැකියාව ලැබේ.
මෙම සහයෝගීතාවය රජයේ ඩිජිටල් ටිකට්පත් හඳුන්වා දීමේ මුලපිරීමට සහය දක්වන අතර ම, ශ්‍රී ලංකාවේ පුද්ගලික මගී ප්‍රවාහන අංශය තුළ ඩිජිටල් ගාස්තු ගෙවීම ප්‍රචලිත කිරීමට දරණ මහා පරිමාණ ප්රයත්නයක් ද සනිටුහන් කරයි. බැංකු ජාලය හරහා ආරක්ෂිතව ගෙවීම් ලබාගැනීම හා ස්වයංක්‍රීයව ගෙවීම් පියවීමේ කටයුතු සමඟ ටිකට්පත් නිකුත් කරන උපාංග ඒකාබද්ධ කිරීම මගින් කාසි හා නෝට්ටු මත යැපීම අඩු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ ගාස්තු එකතු කිරීමේ කාර්යයයේ විනිවිදභාවය වැඩි කිරීම, මෙම මුලපිරීමේ අරමුණ වී ඇත.
මෙම හවුල්කාරීත්වය යටතේ NCG Express හි බස් රථවල කොන්දොස්තරවරුන්ට කොමර්ෂල් බැංකුවේ ගෙවීම් ලබාගැනීමේ විසඳුම් සමඟ ඒකාබද්ධ වූ ඩිජිටල් ටිකට්පත් නිකුත් කිරීමේ උපාංග ලබා දෙනු ලැබේ. මගියෙකු බස් රථයට ගොඩ වූ විට කොන්දොස්තර මහතා විසින් අදාල ගාස්තුව උපාංගයට ඇතුලත් කරන අතර ඉන් පසුව මගියාට එම උපාංගයෙන් ලබා දෙන QR කේතය ස්කෑන් කර හර හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් හෝ ගූගල් පේ වැනි ජංගම මුදල් පසුම්බියක් හරහා අදාල ගෙවීම සිදුකළ හැක. මෙම ගනුදෙනු සියල්ල ආරක්ෂිතව ක්ෂණිකව සකසන අතර ක්ෂණික තහවුරු කිරීමක් මඟින් බාධාවකින් තොරව එවෙලේම ගාස්තු එකතු කිරීම සහතික කරයි.
මගීන් සඳහා මෙම ඩිජිටල් ටිකට්පත් පද්ධතිය මගින් මුදල් රහිත ගෙවීම්වල පහසුව, නියමිත මාරු කාසි සමඟ මුදල් නෝට්ටු රැගෙන යාමේ අවශ්‍යතාවය ඉවත් කිරීම සහ වේගවත් වූ Contactless ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු බහුවිධ වාසි රැසක් ලබා දෙයි. විනිවිද පෙනෙන ඩිජිටල් වාර්තා, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වූ සුමට හා නවීන ගමනාගමන අත්දැකීමක් ලබාදෙන අතර ම ප්‍රවේශපත්‍ර ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය වැඩි කිරීමට ද මෙම මුලපිරීම උපකාරී වනු ඇත.
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සමාන්‍යාධිකාරී -පුද්ගලික බැංකුකරණය/පාරිභෝගික නිෂ්පාදන සංවර්ධනය කපිල ලියනගේ මහතා මෙසේ පැවසීය: “ඩිජිටල් ගෙවීම් නව්‍යෝත්පාදනයන් ඉදිරියට ගෙනයාමට මෙන් ම ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල්කරණ න්‍යාය පත්‍රයට සහය දැක්වීමට, කොමර්ෂල් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම මෙම හවුල්කාරීතවයෙන් පිළිබිඹු කරයි. මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස පොදු ප්‍රවාහන අංශයේ සේවක පිරිසට වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වීමට හැකි වන පරිදි මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම, ඉතා තීරණාත්මක පියවරක් ලෙස බැංකුව සලකයි.”
මෙසේ තෝරාගත් NCG Express බස් රථවල මෙම ඩිජිටල් විසදුම ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර වැඩසටහනේ කොටසක් ලෙස ඔවුන්ගේ සම්පූර්ණ බස් රථ පෙළ හරහා පද්ධතිය ක්‍රමානුකූලව පුළුල් කිරීමට සැලසුම් කර ඇත. NCG Express හි සභාපති නිකිත ග්‍රේරෝ මහතා මෙසේ පැවසූවේය: “ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය පරිවර්තනය කිරීමට අප සිදු කරන කැපවීමට සමගාමීව, අපගේ මගීන්ට පහසුවෙන් හා බාධාවකින් තොරව ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වන්නෙමු. මෙම සහයෝගීතාවය හුදෙක් පහසුව ලබා දීමෙන් ඔබ්බට ගොස්, ආරක්ෂිත හා ඒකාබද්ධ වූ ඩිජිටල් විසදුමක් හරහා ශ්‍රී ලංකාවේ ගමනාගමන යටිතල පහසුකම්වල ප්‍රමිතිය වැඩි කරයි. NCG Express සමඟ සෑම ගමනක් ම කරදරයකින් තොරව සුවපහසුවෙන් ගමන් කළ හැකි බවට තහවුරු කරමින් මෙම ඩිජිටල් ක්‍රමවේදයට සහය දැක්වීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙමු. අනාගතයේදී ප්‍රවාහන කර්මාන්තය පුරා පුළුල් සහයෝගීතාවයක් ඇති කර ගනිමින් දිවයින පුරා ම බාධාවකින් තොරව පහසුවෙන් ගමන් බිමන් යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වන්නෙමු.”
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBCෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.








