ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම්වලින් වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
“රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය” සම්බන්ධයෙන් අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
2024 වසරේදී හෙරෝයින්, ගංජා, අයිස්, හෂිෂ් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10,871ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් එම අගය 2025 වසරේදී කිලෝ ග්‍රෑම් 23,692යි ග්‍රෑම් 307ක් වන බවත් එය තෙගුණයක වර්ධනයක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.








