බංග්ලාදේශයේ සේවයේ නිරත වී සිටින ඉන්දීය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඉවත් කර ගැනීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශය තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව එම තීරණයට එළඹ ඇති බවයි.
බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර නවදිල්ලිය මෙම පියවර ගෙන තිබීමත් විශේෂත්වයක්.
ඒ අනුව ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන, පූර්වාරක්ෂාව සඳහා පියවරක් ලෙස, මහ කොමසාරිස් කාර්යාලයේ සහ තනතුරුවල සිටින නිලධාරීන්ගේ යැපෙන්නන්ට ඉන්දියාව වෙත නැවත පැමිණෙන ලෙස උපදෙස් දී ඇති බව නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ.
බංග්ලාදේශයේ, ඉන්දීය දූත මණ්ඩලය සහ සියලුම තනතුරු විවෘතව සහ ක්‍රියාකාරීව පවතින බවත් ඉන්දියාව වැඩිදුරටත් පවසනවා.








