ව්‍යාපෘතියේ ඉන්නේ එක චීන ජාතිකයයි

අම්බු­ළු­වාව සම්බ­න්ධ­යෙන් විග­ණ­කා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කළ වාර්තාව අනුව මත­භේ­දා­ත්මක ගනු­දෙනු සම්බන්ධ කරුණු ඉදි­රි­පත් කර ඇතැයි පරි­සර අමාත්‍ය වෛද්‍ය දම්මික පට­බැඳි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

මෙම අම්බු­ළු­වාව ව්‍යාපෘ­තිය සැක සහිත අවි­ධි­මත් ව්‍යාපෘ­ති­යක් බවට විග­ණ­කා­ධි­ප­ති­ව­රයා පෙන්වාදී ඇති බවත් අමාත්‍ය දම්මික පට­බැඳි මහතා සඳ­හන් කළේය.

රුපි­යල් බිලි­යන 1.2ක කේබල් කාර් ව්‍යාපෘ­ති­යක් කිරී­ම­ටත් එය ඉදි­කර පවත්වා ගෙන යෑමට වෙනම සමා­ග­ම­කට ලබා­දී­ම­ටත් ප්‍රස­ම්පා­දන මණ්ඩ­ලය රැස්වී දින 6ක් ඇතු­ළත ලියා­ප­දිංචි කළ සමා­ග­මක් සමඟ මෙම ව්‍යාපෘ­තිය ආරම්භ කර ඇති බවත් අමා­ත්‍ය­ව­රයා අනා­ව­ර­ණය කළේය.

එම ව්‍යාපෘ­තිය සඳහා ගිවි­සුම් වසර තුළ රුපි­යල් මිලි­යන 93.15ක් හා රුපි­යල් මිලි­යන 250ක ඇස්ත­මේන්තු මුද­ලින් සිය­යට 37ක මුද­ලක් වැය­කර ඇත. එය කුමන කාර­ණ­යට ද යන්න සඳ­හන්ව නොමැති බව ද අමාත්‍ය දම්මික පට­බැඳි මහතා හෙළි කළේය.

එම කට­යුතු විග­ණ­න­යට ලක් නොවී ඇති බවද හෙළිවී ඇත. මේ පිළි­බඳ විධි­මත් පරී­ක්ෂ­ණ­යක් සිදු කරන ලෙස විග­ණ­කා­ධි­ප­ති­ව­රයා විසින් නිර්දේශ කර ඇති බව ද අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා මෙසේ ද කීය.

Òඅම්බු­ළු­වාව කේබල් කාර් ව්‍යාපෘ­තිය පිරි­නමා ඇති සමා­ගමේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය සහ අම්බු­ළු­වාව භාර­කාර මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් අතර පව­තින සමීප ඥාති සබ­ඳතා පිළි­බ­ඳව මේ වන විට දැඩි කතා­බ­හක් නිර්මා­ණය වී තිබේ. අම්බු­ළු­වාව භාර­කාර මණ්ඩ­ලය පුද්ග­ල­යන් හත් දෙන­කු­ගෙන් සම­න්විත වේ. එහි සභා­පති ලෙස අනු­රාධ ජය­රත්න මහතා කට­යුතු කරන අතර, සෙසු සාමා­ජි­ක­යන් ලෙස ඉන්දික ප්‍රසාද්, බොඩ­මුන්න ගෙදර චන්ද්‍ර­රත්න, සීවන් ඥාන­සේ­කර, වජි­ර­ඥාන හිමි, අසාත් සාලි සහ ජේ.එම්. සේනා­යක බණ්ඩාර යන අය කට­යුතු කර­නවා.

මෙම කේබල් කාර් ව්‍යාපෘ­තිය පිරි­නමා ඇත්තේ ‘ඇඹර් ඇඩ්වෙ­න්චර්“ නම් සමා­ග­මට වන අතර එය 2023 ජුනි මස 16 වන දින ලියා­ප­දිංචි කර ඇත. එහි ආර­ම්භක අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ හුවාන් යුජින්, සම­ර­සිංහ හේරත් බන්දුල කරු­ණා­රත්න යන අය සිටින බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘ­තිය පිරි­නැ­මී­මේදී බර­ප­තළ ලෙස ඥාතී සංග්‍ර­හ­යක් සිදුව තිබේ. අම්බු­ළු­වාව භාර­කාර මණ්ඩ­ලයේ සභා­පති අනු­රාධ ජය­රත්න මහ­තාගේ බිරිඳ වන ජය­සේ­කර මුහ­න්දි­ර­ම්ලාගේ සේනා­නා­යක බණ්ඩාර මහ­ත්මිය අදාළ සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­රි­යක ලෙස කට­යුතු කරයි. එමෙන්ම භාර­කාර මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යකු වන සුභ­සිංහ මුද­ලිගේ සුරේෂ් ශ්‍රීපාල සුභ­සිංහ යන අය සභා­ප­ති­ව­ර­යාගේ සහෝ­ද­රි­යගේ සැමියා බව ද හෙළි වී තිබේ.

මෙම ව්‍යාපෘ­තිය චීන ව්‍යාපෘ­ති­යක් ලෙස හඳුන්වා දුන්න ද, එහි කොටස් හිමි­කා­රී­ත්වය දෙස බැලී­මේදී ඒ පිළි­බ­ඳව සැක­යක් මතු වන බව සඳ­හන් වේ. සමා­ගමේ කොටස් 36ක් හිමි හුවාන් යුජින් (Huan Yujin) යන අයට තිබෙ­නවා.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී අනු­රාධ ජය­රත්න මහතා,

“අම්බු­ළු­වාව යට වුණු නිසා ගම්පොළ නාය ගියා කියලා ඇතැම් අය කිය­නවා. අම්බු­ළු­වාව කියන්නේ එක පැත්ත­කින් ගත්තම කෑගල්ල, අනිත් පැත්ත දොළො­ස්බාගේ, අනිත් පැත්ත ගම්පොළ නගරේ විශාල කන්දක්. අම්බු­ළු­වාව භාර­කාර මණ්ඩ­ලය කියන්නේ හෙක්ට­යාර් 112ක භූමි­යක්. ඔය කියන හෙක්ට­යාර් 112ම දවස් හතක් යන­කොට සියල්ල විවෘත කළා.

අම්බු­ළු­වාව හින්දා මුළු ගම්පො­ළම යට වුණා කියලා මත­වා­ද­යක් හදන්න යනවා. නාය­යෑම් අව­දා­න­මත් එක්ක මේ කේබල් කාර් ව්‍යාපෘති සියල්ල අව­සන් වෙනවා කියලා ඊයේ කිවුවා.

2022දී ඩොලර් මිලි­යන 12.75 එනවා. මම මූලික වුණා. ඒ ආයෝ­ජ­න­යෙන් ඩොලර් මිලි­යන 3.5ක් මේ වෙන­කොට රටට ගෙනත් තිබෙ­නවා.

මගේ පවුලේ අය මේකට සම්බන්ධ වුණා කියලා හංවඩු ගහ­නවා. මම ආණ්ඩු­වට අභි­යෝග කර­නවා ඔය ආර්.ඕ.අයි. ව්‍යාපෘ­ති­ව­ලට පුළු­වන් නම් ආයෝ­ජ­ක­යෙක් ගේන්න.පුළු­වන් නම් එක ආයෝ­ජ­ක­යෙක් ගෙනල්ලා ඔය කේබල් කාර් ව්‍යාපෘ­තිය පටන් ගන්න.”

ස්වර්ණා විජේ­කෝන් හා මහින්ද අලු­ත්ගෙ­දර