කොළඹ නගර සභාවේ දූෂණ-වංචා සොයන්න ජනපති කොමිසමක්

කොළඹ මහ­න­ගර සභාවේ සිදුව ඇතැයි පැව­සෙන දූෂණ, අක්‍ර­මි­කතා විම­ර්ශ­නය කිරී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් ජනා­ධි­පති කොමි­ෂන් සභා­වක් පත්කර තිබේ.

හිටපු මහා­ධි­ක­රණ විනි­සුරු, නීතිඥ පිය­සේන රණ­සිංහ, ගණ­කා­ධි­කාරි ඊ.ආර්.එම්.එස්.එච්. ඒක­නා­යක, විශ්‍රා­මික පොලිස් අධි­කාරී ඩී.එස්. වික්‍ර­ම­සිංහ මහ­ත්වරු මේ කොමි­ෂන් සභාවේ සාමා­ජි­කයෝ වෙති.

පිය­සේන රණ­සිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යෙක් ද වේ. ඩී.එස්. වික්‍ර­ම­සිංහ මහතා ශ්‍රී ලංකා පොලී­සියේ පොලිස් නිල­ධා­රීන්ගේ දූෂණ අක්‍ර­මි­කතා විම­ර්ශන පැවැත්වීමට ස්ථාපිත කර ඇති විශේෂ විම­ර්ශන ඒක­කයේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටි නිල­ධා­රි­යෙකි.

මෙම නිල­ධා­රීන් පත්ක­ර­මින් ජනා­ධි­පති කොමි­ෂන් සභාව පිහි­ටු­වීම සම්බ­න්ධ­යෙන් වූ ගැසට් නිවේ­ද­නය ජනා­ධි­පති ලේකම් ආචාර්ය එන්.එස්. කුමා­නා­යක මහ­තාගේ අත්ස­නින් යුතුව පෙරේදා (30) නිකුත් කර තිබේ.

2010 සිට 2025 දක්වා කාල­යේදී කොළඹ මහ­න­ගර සභාවේ සිදුව ඇතැයි සැල­කෙන දූෂණ, වංචා, සාප­රාධි ලෙස විශ්වා­සය කඩ කිරීම්, දේපොළ සාප­රාධි පරි­හ­ර­ණය, නීත්‍ය­නු­කූල නොවන බඳවා ගැනීම් හා පත්කි­රීම්, නීති­වි­රෝධී සැල­සුම්, ප්‍රස­ම්පා­දන, මාර්ගෝ­ප­දේශ උල්ලං­ඝ­නය කිරීම්, නිශ්චල හෝ චංචල දේපොළ කුලි­යට හෝ බද්දට දීමේදී සිදුව ඇති අක්‍ර­මි­කතා, නිල­ධා­රීන්ට එරෙහි චෝදනා සම්බ­න්ධ­යෙන් සොයා­බැ­ලීම මේ කොමි­ෂන් සභා­වට පවරා ඇත.

එකී කාර්යය සිදු කර­ගෙන යාමේ දී ඉහත කාල සීමා­වෙන් ආව­ර­ණය නොවන හෝ ඉහත සඳ­හන් ක්‍රියා­ව­ලට පරි­බා­හිර එහෙත් පරී­ක්ෂණ කොමි­ෂන් සභා­වට බර­ප­තළ ස්වභා­වයේ බවට හැඟී යන වර­දක් හෝ වැරදි සම්බ­න්ධ­යෙන් මහ­ජන පැමි­ණිලි, තොර­තුරු සහ සෙසු කරුණු කැඳ­වීම හා ලබා ගැනී­මට ද කොමි­ස­මට අව­ස්ථාව හිමි වේ.

තවද, පෙර කී කරුණු සම්බ­න්ධ­යෙන් අවශ්‍ය යැයි පෙනී යා හැකි සාප­රාධී හා වෝහා­රික විම­ර්ශන පැවැ­ත්වී­මට හෝ බල­පැ­වැ­ත්වී­මට සල­ස්වා­ලී­මට සහ සිය­ලුම ප්‍රසිද්ධ සහ රහ­ස්‍යය විම­ර්ශන හෝ පරී­ක්ෂණ කිරී­මට ද බලය හා අධි­කා­රය පැව­රී­මට මෙම ගැසට් නිවේ­ද­නයේ සඳ­හන් කර ඇත.

මෙම ගැසට් නිවේ­ද­නය නිකුත් කර තෙම­සක් ඇතු­ළත පළමු වැනි අතුරු වාර්තාව ද ඊට අන­තු­රුව මස­කට වරක් අතුරු වාර්තා ද පෙරේදා (30) සිට මාස 06ක් ඇතු­ළත ලබා දිය යුතු බව­ටත් විම­ර්ශ­න­යන්හි නිග­මන හා නිර්දේශ ඉදි­රි­පත් කරන ලෙස­ටත් ගැසට් නිවේ­ද­නයේ සඳ­හන් වේ.