සිය­ල්ල­ටම ප්‍රථම රට අද­හස ඇතිව සියලු දෙනා කට­යුතු කරමු

සිය­ල්ල­ටම ප්‍රථම රට, යන අද­හස ඇතිව සියලු දෙනා නව වසරේ දී කට­යුතු කළ යුතු බව කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ පව­සති.

නව වසර වෙනු­වෙන් විශේෂ සුබ පැතුම් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් උන්ව­හන්සේ මේ බව සඳ­හන් කළහ. 2026 නව වසර ආරම්භ වන මේ මොහොතේ සියලු කතෝ­ලික ජන­තා­ව­ගෙන් මෙන්ම සිය­ලුම ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ ඉතාම භයා­නක ව්‍යස­න­ය­කට ගොදුරු වූ රට නැවත ගොඩ­නඟා ගැනී­මට සියලු දෙනා සහෝ­ද­ර­ත්ව­යෙන් එක­මු­තුව, එදි­රි­වා­දි­කම්, දේශ­පා­ලන බෙදීම් ආදි­යෙන් තොරව, රට ගොඩ­නැ‍ඟීම වෙනු­වෙන් කට­යුතු කරන ලෙසයි.

එවැනි එක­මු­තු­වක් තුළින් මේ රටේ ආර්ථික පීඩා­වන්ට ගොදු­රුවී සිටින ජන­තාව ගොඩ­ගැ­නී­මට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය අපට ලැබෙ­නවා ඇති.

එක­මු­තු­කම වර්ධ­නය කර­මින් රටට ආද­රය කරන හද­ව­ත­කින් යුතුව සිය­ල්ල­ටම ප්‍රථම රට කියන අද­හස ඇතිව අප සියලු දෙනාම මේ වසරේ දී කට­යුතු කරමු.

එවැනි බලා­පො­රොත්තු සප­ල ­වන සුබ නව වස­රක් වේවා කියා මා ප්‍රාර්ථනා කර­නවා.