පොදු අර­මු­ණක් වෙනු­වෙන් එක්වු­ව­හොත් රට සෑදීම අප­හසු දෙයක් නොවේ

පෞද්ග­ලික අපේ­ක්ෂා­වෙන් තොරව සියලු ජන­තා­වට පොදු අර­මු­ණක් වෙනු­වෙන් එකතු වීමට හැකි නම් රටක් පහ­සු­වෙන් ගොඩ­නැ­ඟිය හැකි බව මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක පූජ්‍ය දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ පව­සති.

‘දිට්වා’ සුළි කුණා­ටුවේ බල­පෑම හේතු­වෙන් මෙතෙක් නොදුටු නුපු­රුදු ව්‍යස­න­යක අත්දැ­කීම් ලබ­න්නට ලක්වාසි ජන­තා­වට සිදුවූ බවත් මෙම විප­ත්ති­දා­යක අව­ස්ථාවේ යළි නැ‍ඟීසි­ටීම සඳහා වන අධි­ෂ්ඨා­න­යෙන් යුතුව සියලු දෙනා නව වසර ආරම්භ කළ යුතු බවත් උන්ව­හන්සේ කීහ. නව වසර වෙනු­වෙන් සුභා­සිං­සන එක් කර­මින් දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ මෙසේද පැවැ­සූහ. පසු­ගිය වසර ගෙවී යන්නට සති පහක් වැනි කෙටි කාල­යක් තිබිය දී මහා ව්‍යස­න­යක් රටේ ඇති වුණා. ජීවිත නැති වුණා. දේපොළ විනාශ වුණා. මහා­මාර්ග, දුම්රිය මාර්ග­ව­ලට විශාල අලා­භ­හානි සිදු වුණා. විදු­ලිය, ජලය නොමැ­තිව ජන­තාව පීඩා වින්දා. ආහාර හිඟ වුණා. මෙය අපට පම­ණක් උරුම වූ දෙයක් නෙවෙයි. ලෝකයේ බොහෝ රට­වල් මේ ආකාර ස්වාභා­වික ව්‍යස­න­ව­ලින් පීඩා විඳි­නවා. හිරෝ­ෂිමා නාග­සා­කි­ව­ලට පර­මාණු බෝම්බ හෙළීම නිසා ඇතිවූ ව්‍යස­න­යෙන් පසු ජපා­නය යළි ලෝකයේ බල­වත් ලෙස නැ‍ඟීසි­ටියා. නොයෙක් අව­ස්ථා­වල ඔවුන් භූමි­ක­ම්පා­ව­ලින් පීඩා විඳි­නවා. ඒ කිසි­ව­කින් ඔවුන්ගේ ධෛර්යය යට­පත් වුණේ නැහැ. වැටුණු සෑම අව­ස්ථා­ව­කම ජපන් ජාති­ක­යින් යළි පෙරට වඩා ශක්ති­මත්ව නැ‍ඟීසි­ටියා.