ආපදා සහන ලබා දීමට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා සහන ලබා දීමට අදාළ නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවිත හානි වන්දි හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයින්ට වන්දි ලබා දීම, හානියට පත් නිවාස හා ව්‍යාපාරවලට වන්දි ලබා දීම ඇතුළු උපදෙස් මෙම චක්‍රලේඛයේ අඩංගු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්.

 news images news images news images news images news images news images news images news images