අව­තැන් වූ ජන­තා­වට මුදල් වෙන් කිරී­මට ඒකා­බද්ධ වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි

දිට්වා සුළි කුණා­ටුව අත්දැ­කී­මක් කර­ගෙන අපේ රටේ ආපදා ක්‍රම­වේ­දය වෙනස් කර­මින් අව­තැන් වූ ජන­තා­වට මුදල් වෙන් කිරීම සඳහා ඒකා­බද්ධ වැඩ­පි­ළි­වෙ­ළක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තුවේ දී ‍ ඊයේ (03) ප්‍රකාශ කළේය.

සිකු­රාදා අය වැය අනු­මත කර ගන්න පෙර වත්මන් අය වැය ආප­දා­වෙන් පසු රටේ තත්ත්ව­යට සුදු­සුද කියා සොයා බැලිය යුතු වෙනවා. මේ අව­ස්ථාවේ කළ යුත්තේ අව­තැන් වූ ලක්ෂ 15කට වැඩි ප්‍රමා­ණය ගැන සංවේදී වී තව දින ලබා ගෙන නව අය වැයක් කෙටි­කා­ලී­නව සකස් කර විප­තට පත් ජන­තා­වට සහන සල­සන ආප­දා­වට ලක්වූ ප්‍රදේශ ගොඩ­න­ඟන අය – වැයක් සකස් කිරී­මයි. තව­දු­ර­ටත් විහිළු නොකර මේ මහා විප­තින් හානි වූ ජන­තා­වට සහන සල­සන අය වැයක් කඩි­න­මින් සකස් කළ යුතු වෙනවා. දින කිහි­ප­යක් ගෙන නව අය­වැ­යක් සකස් කළ යුතු වෙනවා. එසේම ජාත්‍ය­න්තර ආධාර සමු­ළු­වක් කැඳවා විප­තට පත් ජන­තා­වට සහන සැල­සිය යුතු වෙනවා. රජ­යට එය කළ නොහැකි නම් විප­ක්ෂය රජය වෙනු­වෙන් එය කැඳ­වී­මට කට­යුතු කර රටට අවශ්‍ය ප්‍රති­පා­දන ලබා දෙනවා. ඊට අම­ත­රව නව අයි.එම්.එෆ්. ගිවි­සු­මක් ඇති කර ගැනී­මට සාකච්ඡා කළ යුතු වෙනවා. ජනතා පීඩක ජන හිංසන අයි.එම්.එෆ්. කොන්දේසි සමඟ ඉදි­රි­යට යා නොහැකි නිසා කඩි­න­මින් අයි.එම්.එෆ්. එකට සාකච්ඡා කළ යුතු වෙනවා. රජ­යට නොහැකි නම් විප­ක්ෂය ද ඒ සඳහා සහාය දෙනවා. නව ගිවි­සුම හරහා ජන­තා­වට සවි­යක් විය හැකියි. මිනිසා ජීවත් කර­වන්න මිනිසා රැක­ගන්න රට සංව­ර්ධ­නය කරන්න ආප­දා­වට පත්වූ ජන­තා­වට සහන දෙන්න නැති වූ ගොවි­බිම් ටික සුර­කින්න නව වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ යුතු වෙනවා. නිර්දේ­ශ­පා­ල­නී­ක­ර­ණ­යට ලක් වූ ජාතික සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළක් සඳහා විප­ක්ෂය ද සහාය ලබා දෙනවා.