හමුදාවෙන් පැන්න SF සෙබළුන් ලොකු පැටීගේ බළකායේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ වැට­ලීම් අංශයේ හිටපු ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නියෝ­මාල් රංග­ජීව මහතා ඝාතන සැල­සුම ඇතුළු මිනිස් ඝාතන සහ අප­රාධ රැස­කට සම්බන්ධ ලොකු පැටී නමැති පාතාල අප­රා­ධ­කරු යුද හමු­දාවේ විශේෂ බළ­කා­යෙන් පළා­විත් සිටින සෙබ­ළු­න්ගෙන් සැඳු­ම්ලත් කණ්ඩා­ය­මක් සකස් කර­මින් සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි කර­ගෙන තිබේ.

අතු­රු­ගි­රිය ටැටූ මධ්‍ය­ස්ථා­න­ය­කදී 2024 වසරේ ජූලි 08 දා ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙ­නෙක් ඝාත­නය කර­මින් එල්ලවූ වෙඩි ප්‍රහා­රය විදේ­ශ­යක සිට මෙහෙ­ය­වනු ලැබු­වන් අතර ද ‍ලොකු පැටී‍ගේ නම කියැ­විණි.

මාක­ඳුරේ මධුෂ්ගේ ගෝල­යෙක්ව සිටි ඔහු ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රංග­ජීව ඝාතන සැල­සු­මට සම්බන්ධ වන්නේ එකළ මධුෂ් ඩුබායි සිට ලබා­දුන් කොන්ත්‍රා­ත්තු­ව­කට අනු­වය.

ශ්‍රී ලංකා යුද හමු­දාවේ 07 වැනි පාබල රෙජි­මේ­න්තුවේ වසර 02ක පමණ කාල­යක් සේවය කර සිටි ඔහු පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වෙක් ලෙස කුප්‍ර­කට වන්නේ රංග­ජීව මහ­තාට පිළි­ය­න්දල දී 2017 වසරේ මැයි 09 වෙනිදා එල්ල කළ වෙඩි ප්‍රහා­ර­යත් සම­ගිනි. වෙඩි­ක්කරු වූ ආමි අසිත රැගෙන පිළි­ය­න්දල යතු­රු­පැ­දිය පැදවූ‍වා යැයි හෙළි­වන්නේ ලොකු පැටීය. ඔහුට සහෝ­ද­ර­යෙක්ද සිටින අතර ඔහු පොඩි පැටීය. ඔහුද මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ පාතාල අප­රා­ධ­ක­රු­වෙකි.

රංග­ජීව මහ­තාට වෙඩි තබා ඝාත­නය කිරී­මට තැත් කිරීම සම්බ­න්ධ­යෙන් මැදි­රි­ගි­රි­යේදී අත්අ­ඩං­ගු­ව­ට­ගත් ලොකු පැටී කාල­යක්ම බන්ධ­නා­ගාර ගතව සිටි­යේය.

ඇප මත නිද­හස ලැබී­මෙන් අන­තු­රුව හොර පාරෙන් රටින් පැන­ගත් ඔහු ඉන්දි­යාව, ඩුබායි ඇතුළු රට­වල් ගණ­නා­වක රැඳී සිටි­මින් මහා පරි­මා­ණ­යෙන් මත්කුඩු ජාවා­රමේ නිරත වෙමින් මෙරට අප­රාධ මෙහෙ­යවා තිබුණි.

ක්ලබ් වසන්ත ඝාත­නය වන විට ඔහු රැඳී සිට ඇත්තේ බෙල­රූස් රාජ්‍ය­යේය. ජාත්‍ය­න්තර පොලි­සිය මගින් නිකු­ත්කර තිබුණු රතු වරෙ­න්තු­වක් හේතු­වෙන් එරට ආර­ක්ෂක අංශ අත්අ­ඩං­ගු­වට පත්වූ ලොකු පැටී මෙර­ටට රැගෙන එන්නේ පසු­ගිය වසරේ මැයි 04 වැනි­දාය. මාස 03කට ආසන්න කාල­යක් රැඳ­වුම් නියෝග මත බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සයේ රඳවා සිටි ලොකු පැටී පසුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබීය.

අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­ර­යක් බව සඳ­හන් බූස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින ඔහු ජංගම දුර­ක­ථන නිද­හසේ භාවිත කර­මින් මත්කුඩු ජාවා­ර­මත් සිය අප­රාධ ජාල­යත් මෙහෙ­ය­ව­මින් සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි­ක­ර­ගෙන තිබේ. ඒ බව හෙළිවී ඇත්තේ ලොකු පැටී මත්කුඩු ජාවා­ර­මෙන් උප­යා­ගත් කළු සල්ලි සුදු කිරීම සම්බ­න්ධ­යෙන් පසු­ගිය ඔක්තෝ­බර් 16 දා අත්අ­ඩං­ගු­වට ගත් ගන්දර කපුවා සම්බ­න්ධ­යෙන් කරනු ලබන විම­ර්ශ­න­ව­ලිනි. ගන්දර කපු­වාගේ බැංකු ගිණු­ම්වල රුපි­යල් කෝටි 33ක මුද­ලක් හුව­මා­රුවී ඇති බවත් එම මුදල් ලොකු පැටීගේ මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ මුදල් බවත් අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි­ක­ර­ගෙන තිබුණි.

කපු­වා‍ගෙන් හෙළිවූ තොර­තුරු මත ‍කෙරුණු වැඩි­දුර විම­ර්ශ­න­යේදී ලොකු පැටීගේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ ප්‍රධා­නියා අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සමත්ව ඇත. විශේෂ බල­කායේ හිටපු සෙබ­ලෙක් වන ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ වළට වැටුණු තමාට දැන් ආපසු හැරෙ­න්නට කිසිදු ඉඩක් නොමැති බවය.

“ මට ගැල­වී­මක් නැහැ. ගැල­වෙන්න කැමැති උනත් ඊට ඉඩක් නැහැ. මාව මරල දායි. “ යැයි ද ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඔහු පවසා ඇති බව සඳ­හන්ය.

තමාගේ දරු­වන් ජාත්‍ය­න්තර පාස­ල­කට යැවී­ම­ටත් දරු­වන්ට සහ බිරි­යට සැප­වත් ජීවි­ත­යක් ලබා­දු­න්නත් තමා ජීව­ත්වන්නේ ඒ අය ගැන මෙන්ම තමා‍ගේ ජීවි­තය ගැන බිය­කින් බව ද ඔහු පවසා ඇත. කොයි මෙහොතේ ‍වෙඩි උණ්ඩ­ය­කට බිලි­වේ­වි­දැයි නොදැන බියෙන් සිටින බව ද ඔහු පවසා තිබේ.

ලොකු පැටී විසින් විශේෂ බල­කා­යෙන් පළා­විත් සිටින සෙබ­ළුන් රැස්ක­ර­මින් සිටින බවට තොර­තුරු හෙළිවී ඇත්තේද ‍‍මෙම සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමු­වේදී බව සඳ­හන්ය. තමා විසින් දන්නා කියන හිටපු ‍සෙබළු පහ‍‍ලොස් ‍දෙ‍ෙනක් පමණ ලොකු පැටීට සම්බ­න්ධ­කර දුන් බව ද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇති බව ආරංචි මාර්ග සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ