අලි-මිනිස් ගැටුම් නව­ත්වන්න සිවිල් ආර­ක්ෂ­කයෝ 5,000ක්

සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කරනු ලබන නිල­ධා­රීන් 5000ක් අලි-මිනිස් ගැටුම සම­නය කිරීම සඳහා වන­ජීවි දෙපා­ර්ත­මේ­න්තු­වට අනු­යුක්ත කරන බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (10) ප්‍රකාශ කළේය. මේ වන විටත් එම නිල­ධා­රීන් 3,975ක් වන­ජීවි දෙපා­ර්ත­මේ­න්තුව වෙත නිද­හස් කර ඇති අතර තවත් 10,000ක් පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ රාජ­කාරි කට­යුතු වෙනු­වෙන් යෙද­වී­මට පිය­වර ගෙන ඇති බව ද අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය. ඒ සඳහා ඔවු­නට විශේෂ දීම­නා­වක් ලබා­දී­මට ද තීර­ණය කර ඇතැයි හෙතෙම සඳ­හන් කළේය. පාර්ලි­මේන්තු මන්ත්‍රී රොෂාන් අක්මී­මන මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම පසු­ගිය කාල­යේදී විවිධ ස්ථාන­වල රාජ­කාරි සඳහා යොදවා සිටි සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් එම ස්ථාන­ව­ලින් ඉව­ත්කර මේ වන විට ක්‍රම­වත් රාජ­කාරි සඳහා අනු­ගත කර­මින් සිටින බව ද අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද

අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න