පොදු ප්‍රවාහනය සඳහා එක් වූ මෙට්‍රෝ බස් වෙනුවෙන් රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝවේ ඉදිවන මෙට්‍රෝ බස් අංගනය සඳහා මුල්ගල් තැබීම, පාර්ලිමේන්තු මන්ත්රීනී, දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිනී, සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 4 වෙනි දින සිදුවිය.
පොදු ප්‍රවාහනයේ වර්ධනීය හැරවුම් ලක්ෂයක් වශයෙන් සඳහන් කළහැකි මෙට්‍රෝ බස් ධාවනයට එක්කිරීමත් සමගින් අදාල බස් රථ වෙනුවෙන් අවශ්‍ය සේවා සැපයුම් ස්ථාන 05 ක් ශ්‍රී ලංගම ඩිපෝ පදනම් කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබේ.
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ( පුද්ගලික) සමාගම සතු මෙම අංගනය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රු. 120,626,289.00 කි. මේ සඳහා වැයවන කාලසීමාව දින 91 ක් වන අතර කොන්ත්‍රාත්කරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ, Electro Metal Pressing ආයතනයයි.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ අතිරේක ලේකම් අවන්ති සේනාරත්න, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ( පුද්ගලික) සමාගමේ සභාපති තිලකරත්න යන මහත්ම මහත්මීන් ප්‍රධාන, ඉදිකිරීම් බාරව කටයුතු කරනු ලබන Electro Metal Pressing ආයතනය සහ ඉහත ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.








