නෙට්බෝල් සංගම් 29කින් 3ක ඡන්ද බලය තහ­නම්

ශ්‍රී ලංකා නෙට්බෝල් සංග­මයේ ලියා­ප­දිංචි සංගම් 29කින් සංගම් 3ක ඡන්ද බලය අහිමි කිරී­මට නෙට්බෝල් නිල­ව­රණ කමි­ටුව තීර­ණය කරයි. ගිණුම් වාර්තා නිසි පරිදි ඉදි­රි­පත් නොකි­රීම, ලේඛන සහ­තික නොකි­රීම හා ජාතික තර­ග­ව­ලට සහ­භාගි නොවීම හේතු­කොට ගෙන අම්පාර දිස්ත්‍රික් නෙට්බෝල් සංග­මය, කොළඹ දිස්ත්‍රික් නෙට්බෝල් සංග­මය හා මාතර දිස්ත්‍රික් නෙට්බෝල් සංග­මය ඡන්ද බලය තහ­නම් කොට ඇත.

විවිධ විරෝ­ධතා ඉදි­රි­පත් කිරීම හා අධි­ක­රණ ක්‍රියාමාර්ග හේතු­වෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් නිල­ව­ර­ණය වස­ර­කට අධික කාල­යක් පවත්වා ගැනී­මට නොහැකි වූ අතර, පසු­ගිය ජූනි මාසයේ අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ලබා­දුන් නියෝ­ගය ප්‍රකා­රව යළි නිල­ව­ර­ණය පැවැ­ත්වීමේ කට­යුතු ආරම්භ කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නෙට්බෝල් සංග­මයේ නිල­ව­ර­ණ­යට අදාළ නාම‍යෝ­ජනා කැඳ­වීම පසු­ගිය 27 වැනිදා ආරම්භ වූ අතර, අද පෙර­වරු 11. 30ට එම කට­යුතු අව­සන් වේ.

අව­සන් වරට කැඳවූ නිල­ව­ර­ණ­යේදී නෙට්බෝල් සභා­පති තන­තු­රට තමාරා ධර්ම­කීර්ති හේරත් මහ­ත්මිය හා වික්ටෝ­රියා ලක්ෂ්මි මහ­ත්මිය නාම­යෝ­ජනා ලබාදී තිබූ අතර, නිල­ව­ර­ණය කල් යෑම හේතු­වෙන් හේරත් මහ­ත්මිය සිය ඉල්ලා අස්වීම නිවේ­ද­නය කළාය. ලේකම් තන­තු­රට සංජී­වනී වන­සිංහ මහ­ත්මිය හා රේනුකා කුරුප්පු මහ­ත්මිය නාම­යෝ­ජනා ඉදි­රි­පත් කර තිබූ අතර, පසු­ගිය නිල­ව­ර­ණ‍යේදී නියෝජ්‍ය සභා­පති තන­තු­රට නාම­යෝ­ජ­නාදී සිටි කළු­තර දිස්ත්‍රික් නෙට්බෝල් සංග­මයේ වජිරා නෙත්ති­කු­මාර මහ­ත්මිය මෙවර සභා­පති තන­තු­රට නාම­යෝ­ජනා ලබාදී ඇතැයි වාර්තා වේ.