ප්‍රංශයේ නව අගමැති ලෙස Sébastien Lecornu පත් කර තිබෙනවා.
39 හැවිරිදි ඔහු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ සමීප මිතුරෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පසුගිය වසර තුන පුරාවට ඔහු සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස රුසියානු – යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවද සඳහන්.
මැක්රොන්ගේ ජනාධිපති ධුර කාලය තුළ පත් කරන ලද හත්වන අගමැතිවරයා වන Sébastien Lecornu හට, ප්‍රංශයේ ඊළඟ අයවැය සම්මත කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ වගකීම පවරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.