ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය අදට (12) යෙදී තිබෙනවා.
අප්‍රිකානු සහ ආසියානු වන අලි සහ හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම සහ විකිණීම වැළැක්වීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලි ඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු කිරීම යන අරමුණු මත 2012 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙරට සිටින සමස්ත අලි සංඛ්‍යාව 6,500 – 7,000 අතර ප්‍රමාණයක් වන බවත්, එසේම වසරකට අලි 300ක් පමණ මිය යන බවත් වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
එසේම, මේ වසර තුළ පමණක් දුම්රියේ ගැටීමෙන් අලි 13 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ.
තවද, සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට (IUCN) අනුව, වර්තමානය වන විට මෙරට සිටින ආසියානු අලි විශේෂය ‘වඳවීමේ තර්ජනයට ලක් වී ඇති’ බවට රතු ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.