කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ද භාණ්ඩාගාරයෙන් මේ වන විටත් වෙන්කර ඇති බවය.

රටතුළ පොහොර හිගයක් නොමැති අතර පෙහොර මිලෙහි යම් කිසි වැඩිවීමක් ඉදිරියේ දී සිදුවිය හැකි බව සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

”ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක පොහොර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.. නැව් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා.. නැව් රක්ෂණ ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා.. ඒකත් එක්ක අපි ගේන පොහොරවල මිල ඉහළ යාමට ලක්වෙනවා.. පොහොර සපයනවා අඛණ්ඩව.. මිල ඉහළයාමක් වෙනවා.. මිල ඉහළ ගිහිල්ලා ගොවියට වෙන පීඩනය වළක්වන්න වී ගොවියට අපි හෙක්ටයාරයට රුපියල් 5,000ක සහනාධාරයක් දුන්නා.. මේ යුදමය තත්ත්වය නිසා අතිරේකව දුන්නා.. මේක හෙක්ටයාර 2ක් දක්වා දෙනවා.. ඒ කියන්නේ රුපියල් 10,000ක් හම්බවෙනවා.. අපි කුඩා තේ වතු හිමියන්ට රුපියල් 5,000ක අතිරේක සහනාධාරයක් දෙන්න තීන්දු කළා මේ යුද්ධය නිසා.. ඒ අනුව පොහොර හිඟයක් ඇති වෙන්නේ නෑ.. මිල ඉහළ යාමක් වෙන්න පුලුවන්.. ඒ මිල ඉහළ යාමේදී ගොවියාට වෙන්න පුලුවන් පාඩුව අවම කිරීමට රජය මේ විදිහට සහනාධාරයක් වැඩි කරලා ලබා දෙනවා..”