ජෙමි­නිඩ්ස් උල්කා­පාත වර්ෂාවේ උච්ච­ත­මය 14 දින මෙර­ටට පෙනේ

ජෙමි­නිඩ්ස් උල්කා­පාත වර්ෂාවේ උච්ච­ත­මය දැක බලා ගැනී­මට ශ්‍රී ලංකා­වා­සීන්ට මෙම 14 දින අව­ස්ථාව උදා­වන බව ආතර් සී. ක්ලාක් ආය­ත­නයේ පර්යේ­ෂණ තාරකා විද්‍යාඥ තීක්ෂණ පිය­දාස මහතා ප්‍රකාශ කරයි.

එදින රාත්‍රී 9.00න් පසු උතුරු නැඟෙ­න­හිර අහසේ මිථුන තාරකා රාශිය දෙස බැලී­මෙන් මෙය නිරී­ක්ෂ­ණය කළ හැකිය. උච්ච­තම අව­ස්ථාවේ පැය­කට උල්කා­පාත 120ක් පමණ දිස්විය හැකිය.

මෙදින පූර්ණ චන්ද්‍ර­යාගේ ආලෝ­කය ඇති නිසා මෙම උල්කා­පාත වර්ෂාවේ දර්ශ­නය යම් පම­ණ­කට සීමා විය හැකි බවද තීක්ෂණ පිය­දාස මහතා පැව­සීය.

මෙම උල්කා­පාත වර්ෂාව පසු­ගිය හත­ර­වන දින පමණ ආරම්භ වූ අතර මෙම මස 20 වන දින දක්වා පවතී. උල්කා­පා­ත­යක වේගය තත්ප­ර­ය­කට සැත­පුම් 22කි. පෘථි­විය 3200 Phaethon ග්‍රාහ­කයේ සුන්බුන් හරහා ගමන් කරන විට එම කොටස් අපගේ වායු­ගෝ­ලය සමඟ ගැටීම හේතු­වෙන් ජෙමි­නිඩ්ස් උල්කා­පාත ඇති­වෙයි. වාර්ෂි­කව දෙසැ­ම්බර් මාසයේ ඇති­වන මෙය වසරේ දර්ශ­නී­යම උල්කා­පාත වර්ෂා­ව­ලින් එකක් ලෙස සැලකේ.