පල­තුරු සහ එළ­ව­ළු­ව­ලට නව ඇසු­රුම් විස­ඳුම් පිළි­බඳ වැඩ­මු­ළු­වක්-ජාතික ඇසු­රුම් මධ්‍ය­ස්ථා­න­යෙන් පිය­වර

පල­තුරු සහ එළ­ව­ළු­ව­ලට නව්‍ය ඇසු­රුම් විස­ඳුම් පිළි­බඳ වැඩ­මු­ළු­වක් පැවැ­ත්වී­මට ජාතික ඇසු­රුම් මධ්‍ය­ස්ථා­නය (NPC) පිය­වර ගෙන තිබේ.

අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය (EDB) යටතේ පිහි­ටුවා ඇති ජාතික ඇසු­රු­ම්ක­රණ මධ්‍ය­ස්ථා­නය (NPC) විසින් “අප­න­ය­න­ක­රු­වන් සහ අප­න­යන හැකි­යාව ඇති ව්‍යව­සා­ය­ක­යන් සඳහා පල­තුරු හා එළ­වළු ආශ්‍රිත ඇසු­රු­ම්ක­රණ විස­ඳුම්” පිළි­බ­ඳව දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ දී පැවැති අතර අප­න­ය­න­ක­රු­වන් සහ විභව අප­න­ය­න­ක­රු­වන් 70 දෙනෙ­කුගේ පමණ සහ­භා­ගි­ත්ව­යෙන් ඇසු­රු­ම්ක­රණ ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන් සහ ජාතික ශාක නිරෝ­ධා­යන සේවාවේ විශේ­ෂ­ඥ­යන්ගේ සම්පත් දාය­ක­ත්ව­යෙන් මේ වැඩ­මු­ළුව පැවැ­ත්විණි.

වැඩ­මු­ළුව පැවැ­ත්වීමේ එක් අර­මු­ණක් වන්නේ නව්‍ය ඇසු­රු­ම්ක­රණ විස­ඳුම් හරහා පල­තුරු සහ එළ­ව­ළු­වල පසු අස්වනු හානි අවම කිරීම මඟින් ආර්ථි­ක­යට ප්‍රති­ලාභ ලබා­දෙ­මින් අප­න­යන නිෂ්පා­ද­න­වල වටි­නා­කම ඉහළ නැංවීම බව ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය පව­සයි. ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය සැල­කිය යුතු මට්ට­මක ඇති අතර එය එළ­ව­ළු­ව­ලින් සිය­යට 20 – 30 සහ පල­තු­රු­ව­ලින් සිය­යට 15 – 20 අතර ප්‍රමා­ණ­ය­කට බල­පාන අතර ප්‍රමා­ණ­වත් පරිදි ඇසු­රුම් නොකි­රීම මේ පසු අස්වනු හානි­යට ප්‍රධාන හේතු­වක් ලෙස හඳු­නා­ගෙන ඇත.

පුහුණු වැඩ­ස­ට­හ­නනේ දී ඇසු­රුම් සංකල්ප, ඇසු­රුම් ද්‍රව්‍ය, ඇසු­රුම් තාක්ෂ­ණය, ඇසු­රු­ම්ක­රණ සැල­සුම් සහ පල­තුරු සහ එළ­වළු ඇසු­රුම් සඳහා ග්‍රැෆික් නිර්මා­ණය සහ ශාක නිරෝ­ධා­යන සහ­ති­කයේ වැද­ග­ත්කම සහ එය ලබා ගැනීමේ ක්‍රියා­ව­ලිය වැනි ප්‍රධාන මාතෘකා සාකච්ඡා විය. නිසි ඇසු­රු­ම්ක­ර­ණයේ වැද­ග­ත්කම, වඩාත් ඵල­දායි ඇසු­රුම් ක්‍රම තෝරා ගැනීම සහ නිෂ්පා­දන පිරි­වැය වැළැ­ක්වීම සඳහා නිවැ­රදි ද්‍රව්‍ය තෝරා ගැනීම ආදිය වැඩ­මු­ළුව මඟින් ආව­ර­ණය විය.