දේශ­ගුණ සුහුරු වාරි කෘෂි­කර්ම ව්‍යාපෘ­ති­වල ප්‍රග­තිය නිරී­ක්ෂ­ණ­යට ලෝක බැංකු විශේෂ නියෝ­ජිත පිරි­සක්

අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 125ක මූල්‍ය ආධාර මත ශ්‍රී ලංකාවේ පළාත් 06ක දිස්ත්‍රික් 11ක ක්‍රියා­ත්මක වන දේශ­ගුණ සුහුරු වාරි කෘෂි­කර්ම ව්‍යාපෘ­තිය මෙතෙක් අත්ක­ර­ගත් ප්‍රග­තිය නිරී­ක්ෂ­ණය සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝ­ජිත පිරි­සක් පසු­ගි­යදා සංචා­ර­යක නිරත විය.

එහිදී ලෝක බැංකුව නියෝ­ජ­නය කර­මින්, කාර්ය කණ්ඩා­යම් නායක (TTL) සහ දූත මණ්ඩල නායක ආචාර්ය ෂෙවු සලාවු මහතා සමඟ උප­දේ­ශ­ක­ව­රුන් වන එස්. මනෝ­හ­රන් සහ මහා­චාර්ය වී.කේ. රවි­ච­න්ද්‍රන් මහ­ත්වරු දකුණ, ඌව සහ නැඟෙ­න­ගිර පළා­ත්වල සංචා­ර­යක නිරත වූ අතර ඔවුහු එම ප්‍රදේ­ශ­වල ගොවි ජන­තාව සමඟ ද සුහද පිළි­ස­ඳ­රක නිරත වූහ.

කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය ක්‍රියා­ත්මක කරන මේ ව්‍යාපෘ­ති­යෙන්  ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද වැව්, පිට වාන්, ක්ෂේත්‍ර ඇළ මාර්ග, වාන් දොරටු, වගා ළිං සහ විදුලි වැට­වල් ඉදි­කි­රීම්, ක්ෂුද්‍ර වාරි පද්ධති, කෘමි­න්ගෙන් වගාව ආරක්ෂා කරන දැල් සහ සූර්ය කෝෂ භාවි­ත­යෙන් ජල පොම්ප ලබා­දීම් මෙන්ම වගා ක්ෂේත්‍ර, අගය එකතු කළ නිෂ්පා­දන අලෙවි කරන ගොවීන් සහ එල්ලංගා  කළ­ම­නා­ක­රණ කමිටු රැස්වීම් දැක ගැනී­මට ලෝක බැංකුව නියෝ­ජි­ත­යන්ට හැකි­විය. සංව­ර්ධන ඉලක්ක සපුරා ගැනී­මට සහ ලෝක බැංකුවේ මූල්‍ය ආධා­ර­ව­ලින් උප­රිම ප්‍රයෝ­ජ­න­යක් ගන්නේද යන්නත් මේ ලෝක බැංකු කණ්ඩා­යම සොයා බලයි. මේ සංචා­ර­යට සම­ගා­මීව ලෝක බැංකුවේ තවත් කණ්ඩා­ය­මක් උතුරු සහ උතු­රු­මැද පළා­ත්ව­ලද දේශ­ගු­ණික සුහුරු වාරි කෘෂි­කර්ම ව්‍යාපෘ­තියේ ප්‍රග­තිය නිරී­ක්ෂ­ණය කිරීමේ කට­යු­තු­වල නිරත වූහ.