විසකාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළෙඳපොළේ සුලබව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ හේතුවෙන් නිෂ්පාදකයා ගැන සඳහන් ලේබලයක් සහිත පොල්තෙල් මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී පෙරේදා (08) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ආනයනික පොල්තෙල් ගුණාත්මක බවින් ඉහළ බවට මහජන සෞඛ්‍ය ප්‍රධානියකු වැරදි ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහුගේ එම ප්‍රකාශය ජනතාව නොමඟ යවන සුලු වැරදි එකක්.
කෘත්‍රිමව පිරිපහදු කළ, පාවිච්චි කළ තෙල්වල බැරලෝහ අන්තර්ගත වෙනවා. මේවා පාවිච්චි කිරීමෙන් බෝ නොවන රෝග වැලඳෙනවා යැයි සොයාගෙන තිබෙනවා. නිසි විද්‍යාත්මක පරීක්ෂාවක් නොකළ තත්ත්වයක් යටතේ ආනයනික පොල්තෙල් හොඳ යැයි ප්‍රකාශ කරන්නේ කෙසේද?”
සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ තුෂාර විජේසිංහ සහ එස්.කේ.බී. ජයවීර මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.