ඇහැළියගොඩ ඝාතනයක්

ඇහැළියගොඩ, වලවිටවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.