හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් පකිස්ථාන මැදිහත්කරුවන් හරහා අමෙරිකා එක්සත් ජනපදයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකාව විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සඳහන්. 

මේ වන විට ඉරාන – අමෙරිකානු යුද ගැටුමද වඩාත් තීරණාත්මක අවස්ථාවට එලඹ තිබේ.

ඒ පාකිස්තානයේ පැවති සාම සාකච්ඡා අවලංගු වීම හේතුවෙනි.