හෙරොයින් සමග සැකකරුවෙකු කටානේ දී අත්අඩංගුවට

කටාන, ජයබිම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.    

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කටාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.