උසස් පෙළ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීම ලබන 27 වැනිදා ඇරඹෙයි

පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීම ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සිදු කරන බවයි එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේ.

විශ්ව විද්‍යාල ප්‍රවේශය සහ පාඨමාලා සඳහා අයදුම් කිරීමේ උපදෙස් ඇතුළත් අත්පොත ද ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.