බ්‍රිතාන්‍යයේ 2008 වසරට පසු උපන් අයට දුම්කොළ නිෂ්පාදන විකිණීම තහනම්

බ්‍රිතාන්‍යය තුළ දුම්පානයෙන් තොර පරපුරක් බිහි කිරීමේ අරමුණින්, 2008 වසරෙන් පසුව උපන් ඕනෑම අයෙකුට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීමේ පනතක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

මෙම දුම්කොළ සහ වේප් පනත යටතේ, 2009 ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසුව උපන් කිසිවෙකුට එක්සත් රාජධානිය පුරා නීත්‍යානුකූලව දුම්කොළ අලෙවි කිරීමට ඉඩ නොලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ලබන සතියේ රාජකීය අනුමැතිය ලැබීමත් සමඟ මෙම පනත නීතියක් බවට පත් වීමට නියමිතයි. 

2024 නොවැම්බර් 05 වන දින ආරම්භ වූ දීර්ඝ ක්‍රියාවලියකින් පසු මෙය සම්මත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.