ප්‍රදේශ කිහිපයක් සඳහා අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් සිදුකර තිබේ.
ඒ අනුව, උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත් වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කල යුතු’ මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.
එම දෙපාර්තමේන්තුව අද (22) ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.








