මෙරට තුළ ස්ථාවර සහ ජංගම දුරකථන ඝනත්වය ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (20) නිකුත් කළ 2025 වසර සඳහා වන වාර්ෂික ආර්ථික විවරණයට අනුව පුද්ගලයින් සිය දෙනෙකුට ජංගම දුරකථන 147ක් පමණ පවතින අතර, පුද්ගලයින් සියයකට පවතින ස්ථාවර දුරකථන සංඛ්‍යාව 12.1 ක්.
එය පෙර වසරට සාපේක්ෂව වර්ධනයක් වන අතර, 2024 වර්ෂයේදී පුද්ගලයින් සිය දෙනෙකුට පැවති ජංගම දුරකථන සංඛ්‍යාව 141.2 ක් ලෙසයි දැක්වුණේ.
එම වර්ෂයේදී පුද්ගලයින් සිය දෙනෙකුට පැවති ස්ථාවර දුරකථන සංඛ්‍යාව 9.7 ක් ලෙස දැක්වුණා.








