පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ප්රතිඵල මත විශ්ව විද්යාල උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීම ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, මාර්ගගත ක්රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සිදු කරන බවයි එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේ.
විශ්ව විද්යාල ප්රවේශය සහ පාඨමාලා සඳහා අයදුම් කිරීමේ උපදෙස් ඇතුළත් අත්පොත ද ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කර සිටියා.








