ඩීසල් ලීටර් 400 ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයෙකු ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, විශේෂ කාර්ය බලකායට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර, බලපත්‍රයක් නොමැතිව නිවාසවල ඉන්ධන තොග රැස් කර තබා ගැනීම නීති විරෝධී හා අවදානම් ක්‍රියාවක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කර සිටියේ.
අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා.








