78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ආයතනවල, නිවෙස්වල සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස ද කීවේය.
“සියලුම රාජ්‍ය ගොඩනැඟිලිවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු බවට උපදෙස් දී තිබෙනවා. 78 වැනි නිදහස් සැමරුම ආරම්භ කරමින් අද (02) රාත්‍රියේ නිදහස් මන්දිරයේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙනවා. එය බුද්ධශාසන අමාත්‍යාංශය විසින් සංවිධාන කරනවා. 04 වැනිදා පෙරවරුවේ ප්‍රධාන උත්සවය නිදහස් චතුරස්රයේදී පැවැත්වෙනවා. මෙහිදී ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි. නිදහස් උත්සවය කොළඹට පමණක් සීමා නොවී පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ද සංවිධාන කර තිබෙනවා.”
නෙරංජලා වික්‍රමසිංහ








