ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ‘ප්‍රතිෂ්ඨා’ නමින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මෙහිදී, පාසල් පද්ධතිය යළි ගොඩ නැඟීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණයන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ.
1988 දුරකථන අංකයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි අතර, 0776 582 365 හා 0719 932 325 යන WhatsApp අංක දෙක ද ඒ සඳහා හඳුන්වා දී තිබෙනවා.
ආපදා තත්ත්වයෙන් දිවයින පුරා පාසල් 1,506 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








