අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස මුදල් ගිණුමකට බැර කර ගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකයට ලද පැමිණිල්ලක් මත එම ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
සිදු කරන ලද විමර්ශනයේදී Telegram සමූහයක් වෙත සම්බන්ධ කර ගනිමින් පැමිණිලිකරු රවටා රුපියල් 6,860,000/- ක මුදලක් වංචා කර ඇති අතර වංචා කරන ලද මුදලින් රුපියල් 500,000/- ක මුදලක් තම බැංකු ගිණුමට බැර කරගත් සැකකරුවෙකු 2025.12.11 දින පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 31 ක් වන වැලිපැන්න ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.









