අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කරන්න එපා – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

ඇති වී තිබෙන ආපදා තත්ත්වය මත, භාණ්ඩ රැස් කිරීමට අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

අනවශ්‍ය තොග රැස් කිරීමෙන් වැළකී, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙසයි එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, පවතින මිල ගණන්වලට හා සාධාරණ මිල ගණන් යටතේ පමණක් භාණ්ඩ අලෙවි කරමින්, මෙම අවස්ථාවේ දී රජයට සහ රටට සහාය පළ කරන ලෙසට ව්‍යාපාරික ප්‍රජාවට දැනුම් දෙන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

එසේම ආධාර එකතු කිරීම සඳහා නිවාසවලට පැමිණෙන වගකීම් රහිත පුද්ගලයින් ගැන අවධානය යොමු කරන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.