රට කුඩා වුවත්, මැදපෙරදිග සාමය වෙනුවෙන් ලබාදිය හැකි ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් – නලින්ද ජයතිස්ස

මේ වන විට මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කර, ලෝක සාමය ස්ථාපිත කිරීමට සියලු රාජ්‍යයන් දායක විය යුතු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, කවුරුන් විසින් සිදු කළත් යුද්ධය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ලෝක සාමය වෙනුවෙන් ස්ථාපිත කර ඇති සංවිධාන මේ අවස්ථාවේදී තමන්ගේ ඓතිහාසික මැදිහත් වීම සිදු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු පවසා සිටියා.

රට කුඩා වුවත්, ඒ වෙනුවෙන් ලබාදිය හැකි ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.