වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද

මෙම වසරේ මෙරටට දිස්වන පළමු චන්ද්‍රග්‍රහණය අද නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවත්, චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් මෙරටට එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙහිදී චන්ද්‍රයා නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් පස්වරු 6. 21 ට උදාවීමෙන් පසුව චන්ද්‍රයාගේ කොටසක් තවමත් පෘථිවියේ සෙවණැල්ලෙන් ආවරණය වී ඇති ආකාරය දැකගැනීමේ හැකියාව පවතිනවා.