කාලයක් පුරා බිත්තර සොරකමේ නිරතව සිටි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 2,110ක් සමග සොරා ගත් බිත්තර 3,120ක්ද භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.
වැලිවේරිය නගරයේ පිහිටි බිත්තර වෙළඳ සලකින් මෙසේ බිත්තර සොරාගෙන ඇති බවටයි වැලිවේරිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.
පැමිණිල්ලට අනුව සිදුකළ පරීක්ෂණවලදී සී.සී.ටී.වී කැමරා දර්ශන මත සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.
එම සැකකරු රාත්‍රී කාලයේ ත්‍රීරෝද රථයකින් පැමිණ සොරකම් සිදුකරන බවයි අනාවරණය වී තිබෙන්නේ.
මෙම පුද්ගලයා යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් තදින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවයි හෙළිව ඇත්තේ.
සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසුව දින 05ක රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතයි.
වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා








