හෙට පැවැත්වෙන විපක්ෂයේ රැළිය හේතුවෙන්, නුගේගොඩ අවට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (21) දින දහවල් 02.00 ට නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටස තුළ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

එම කාලය තුළදී රියදුරන්ට සහ මහජනතාවට ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා, පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images