ආන්දෝලනාත්මක රතු කන්ටේනර් එළියට ගිය හැටි සාගර රටට කියයි

පහුගිය කොවිඩ් සමයේ වරායේ ලොකු ප්‍රශනයක් තදබදයක් තිබුණ කාලයේ කිසිම දිනක රතු ලේබල් සහිත කන්ටේනරයක් මුදාහැර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසනවා.

එමෙන්ම මේ කාලයේ හදිස්සියේ ඇති වුණ තදබදය කොයි ආකාරයකින් ඇති වුණාද යන්න පිළිබඳව මේ පරීක්ෂණය පවත්වන සෙනවිරත්න මහත්මයාත් සැක පළ කරලා තිබෙන බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.

හිරු ‘සලකුණ’ දේශපාලන වැඩසටහන සමග එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

එහිදී මහ ලේකම්වරයා මෙසේද සඳහන් කළා,

”මේ රටේ අපි මේ පහුගිය කොවිඩ් කාලේ මේ එතකොට මේ අපිට ඔය වරායේ ලොකු ප් රශ්නයක් තදබදයක් තිබිච්ච කාලේ කවදාවත් රතු ලේබල් කන්ටේනරයක් එළියට දාලා නැහැ. ඒ කියන්නේ කොවිඩ් කාලේ ප්‍රශ්න තියෙන කාලේ. ඒ වගේම මේ කාලයේ මේ හදිස්සියේ ඇතිවෙච්ච තදබදය කොයි ආකාරයකින් ඇති වුණාද කියලා මේ පරීක්ෂණය කරපු සෙනවිරත්න මහත්මයාත් සැක පළ කරලා තියෙනවා. එතකොට අපි දිගින් දිගටම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා, චෝදනා කරා, ලංකාවේ ඉතිහාසයේ වෙච්ච දිගම ලොකුම හොරකම.

මේක ජනතාවට තේරෙන්නේ නැහැ කන්ටේනර් කිවුවහම. මේ කන්ටේනර් ටික එක දිගට පාරේ පාක් කරොත් කිලෝ මීටර් පහක් විතර දිග කන්ටේනර් තොගයක් තමයි මේ තුන්සිය විසිතුන කියන්නේ. එච්චර මහ විශාල කන්ටේනර් තොගයක්. ඉතින් මේ කන්ටේනර් සම්බන්ධයෙන් අපි ආණ්ඩුවෙන් දිගින් දිගටම ඇහුවා ඔබලා මේ කන්ටේනර් කාටද යැව්වේ? මොනවද තිබුණේ කියන කාරණය රටට එළි කරන්න කියලා. අද වෙනකල් එළිකරලා නැහැ. ඔවුන්ට එළි කරන්න බැහැ.

හැබැයි ජනවාරිවල එළියට යන කන්ටේනරයක් සැප්තැම්බර් වල මාස නමයකට පස්සේ තොරතුරු එනකොට මේවා ගැන තොරතුරු එළියට එන කොට හිටපු ගමන් සුනිල් වටගල දුවලා ගිහිල්ලා ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ එකක් පෙන්නලා මේකට මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව ඈඳන්න උත්සාහ දරනවා. දැන් ඔබට තේරෙන්නේ නැද්ද මෙතන මොකක්ද වෙන තත්වය කියලා.”