ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට මෙම 14 දින අවස්ථාව උදාවන බව ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ තීක්ෂණ පියදාස මහතා ප්‍රකාශ කරයි.
එදින රාත්‍රී 9.00න් පසු උතුරු නැඟෙනහිර අහසේ මිථුන තාරකා රාශිය දෙස බැලීමෙන් මෙය නිරීක්ෂණය කළ හැකිය. උච්චතම අවස්ථාවේ පැයකට උල්කාපාත 120ක් පමණ දිස්විය හැකිය.
මෙදින පූර්ණ චන්ද්‍රයාගේ ආලෝකය ඇති නිසා මෙම උල්කාපාත වර්ෂාවේ දර්ශනය යම් පමණකට සීමා විය හැකි බවද තීක්ෂණ පියදාස මහතා පැවසීය.
මෙම උල්කාපාත වර්ෂාව පසුගිය හතරවන දින පමණ ආරම්භ වූ අතර මෙම මස 20 වන දින දක්වා පවතී. උල්කාපාතයක වේගය තත්පරයකට සැතපුම් 22කි. පෘථිවිය 3200 Phaethon ග්‍රාහකයේ සුන්බුන් හරහා ගමන් කරන විට එම කොටස් අපගේ වායුගෝලය සමඟ ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස් උල්කාපාත ඇතිවෙයි. වාර්ෂිකව දෙසැම්බර් මාසයේ ඇතිවන මෙය වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකේ.








