ලොව පුරා පරිශීලකයින් රැසකට WhatsApp, Instagram, Facebook සේවා අඩාල වෙයි

බදාදා දින WhatsApp, Instagram සහ Facebook හි ගෝලීය බිඳවැටීමක් සිදුවී ඇති අතර, Facebook පරිශීලකයින් 50,000කට වැඩි සංඛ්‍යාවක් පුරනය වීමේ සහ උඩුගත කිරීමේ ගැටලු වාර්තා වී ඇත.

එමෙන්ම Instagram සහ WhatsApp පරිශීලකයින්ට පණිවිඩ ප්‍රවේශ වීමට සහ යැවීමට ගැටලු ඇතිව තිබේ.

කෙසේ නමුත් මේවන විට ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් ඇනහිටීම් ‘99%’ විසඳා ඇති බව මෙටා සමාගම නිවේදනය කර ඇත.

එසේම මෙලෙස සේවා අඩාල වීම් තත්ත්වය සම්බන්ධයෙන් පීඩාවට පත් වූවන්ගෙන් මෙටා සමාගම සමාව අයැද සිටී.

බදාදා ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 10 ට පමණ, අධීක්ෂණ වෙබ් අඩවියක් වන ඩවුන්ඩෙටෙක්ටර් පැවසුවේ ෆේස්බුක් ඇනහිටීම් පිළිබඳ සිද්ධි 23,445 ක්, ඉන්ස්ටග්‍රෑම් සඳහා 11,466 ක් සහ බ්‍රිතාන්‍යය පුරා වට්ස්ඇප් ඇණහිටීම් සිද්ධි 18,646 ක් වාර්තා වී ඇති බවයි.
කෙසේ නමුත් අමෙරිකාව තුළ මෙම සමාජ මාධ්‍ය අවකාශ ත්‍රිත්වයට එතරම් බලපෑමක් එල්ල වී නොමැති බව වාර්තා වේ.

මෙම බිදවැටීම් දෝෂය සමාගම ක්ෂණිකව හඳුනාගෙන ඇති අතර, එය නිවැරදි කිරීම සදහා ඔවුන්ට පැය කිහිපයක් ගතවී තිබේ.

මීට පෙර මෙම වසරේ මාර්තු මාසයේ දී ද ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ලොව පුරා දැඩි ලෙස බිදවැ‌ටීමකට ලක් විය.