චීනයේ මහ­ජන ආර­ක්ෂා­වට පාසල් හා සාප්පු සංකීර්ණ අවට මාර්ග බාධක වැඩි කරයි

චීනයේ ජන­තාව දැඩි කම්ප­න­යට ලක් කර­මින් පසු­ගිය දින කිහි­පයේ එරට විවිධ පළා­ත්වල පාසල් සහ සාප්පු සංකීර්ණ ඇතුළු ජන­තාව ගැව­සෙන ස්ථාන­ව­ලට රථ­වා­හන කඩා වැදීමේ සිදු­වීම් සහ තවත් ප්‍රච­ණ්ඩ­කාරී සිදු­වීම් සැල­කි­ල්ලට ගෙන පොදු ස්ථාන­වල රථ­වා­හන ආර­ක්ෂක බාධක ඉහළ දැමී­මට චීන රජය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය නොවැ­ම්බර් මස මුල් භාග­යේදී ෂූහෙයි නුවර ක්‍රීඩාං­ග­ණ­ය­කට අධික වේග­යෙන් මෝටර් රථ­යක් කඩා වැදී­මෙන් එහි ශාරි­රීක ව්‍යායා­ම්වල නිර­තව සිටි පුද්ග­ල­යන් 35 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, ෂැංඩොං පළා­තේදී පාසල් බස් රථ­යක් පදි­ක­යන් අත­රට කඩා වැදී­මෙන් සිසුන් ඇතුළු පුද්ග­ල­යන් 11 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එවැනි මාර්ග බාධක නිෂ්පා­ද­නය කරන සමා­ගම් සඳ­හන් කර ඇත්තේ පසු­ගිය මාස­ව­ලට සාපේ­ක්ෂව නොවැ­ම්බර් මාස­යේදී සිය නිෂ්පා­දන සඳහා ඇති ඉල්ලුම සැල­කිය යුතු ආකා­ර­යෙන් ඉහළ ගිය බවය. එමෙන්ම ලබන ජන­වා­රි­යේදී ඉල්ලුම තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් නව සේව­ක­යන් බඳවා ගැනී­මට ද එම සමා­ගම් තීර­ණය කර ඇතැයි වාර්තා වේ.