ඉන්දියාවේ දී ‘ඡන්දය දුන්’ පළමු ලාංකික සරණාගතයා මෙන්න

කේ.නාලනී ඉන්දීය මැතිවරණයක දී තම ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමුවැනියා බවට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කොට්ටපත්තු කඳවුරේ දී (19) ඇය තම ඡන්දය ලබා දුන්නාය.

38 හැවිරිදි නාලනී මාධ්‍ය වෙත පවසා ඇත්තේ “ඉන්දියානුවන් ලෙස ඉන්දියාවේ බියෙන් තොරව ජීවත් වීමට හැකිවේවා” යනුවෙනි.

1986 අප්‍රේල් මාසයේදී එරට ශ්‍රී ලංකා සරණාගත කඳවුරේ නාලනී උපත ලබා තිබේ.

ඇගේ මව්පියන් ඉන්දියානු ජාතිකයින් වන නමුත් තේ වතුවල වැඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති අතර මදුරාසි මහාධිකරණය හමුවේ ඇය ඉන්දීය පුරවැසියෙකු බව තහවුරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *